Monday, March 14, 2016

කුමාර් ගුණරත්නම්ගේ පෙරටුගාමීන් සරසවි තුල මෙහෙයවන අමානුෂික නවක වදයට එරෙහිව ආචාර්යවරු පෙරට එති: කැළණියේ ජ්‍යෙෂ්ඨ වධකයන්ට දේශන වර්ජනය කරති

(ලංකා ඊ නිව්ස්- 2016.මාර්.14, ප.ව.6.30) අවශ්‍ය දේටත් සිසුන්ට අදාල නොවන දේටත් පාරට බැස උද්ඝෝෂනය කරන පෙරටුගාමී පක්ෂයේ අතකොළු සංවිධානය වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට සම්බන්ධ කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් එහි නවක සිසුන්ට දේශන වලට සහභාගී වීමට ඉඩ නොදී  අමානුෂික ලෙස නවක වදය ලබාදෙන බවත් මෙය නවතන්නැයි ජ්‍යෙෂ්ඨ සිසුන්ට දැන්වූ පසු තමන්ටද තර්ජනය කළ බවත් කියමින් කැළනිය විශ්ව විද්‍යාලයේ සියලු ආචාර්යවරු නවක සිසුන්ගේ හැර අනෙක් සිසුන්ගේ සියලු දේශන හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා සහභාගී නොවීමට තීරණය කර ඇත. 
අද (14) දහවල් 12 සිට මෙම වර්ජනය ක්‍රියාත්මක වූ අතර මෙම හේතුව නිසා කැළණිය සරසවියේ අධ්‍යාපන කටයුතු කඩා වැටිණ. 
පෙරටුගාමීන්ගේ අතකොළු සංවිධානයක් වන කැළණිය මහා ශිෂ්‍ය සංගමය පවසන්නේ තමන් නවක සිසුන් හඳුනා ගැනීමේ සුහද හමුවක් පමණක් සිදුකරන බවත් අමානුෂික ලෙස නවක වදය දීමක් සිදු නොකරන බවත්ය.
නමුත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පවසන්නේ මෙම ජ්‍යෙෂ්ඨ සිසුන් අමූලික බොරු කියන අතර නවක සිසුන්ට දේශනවලට පවා සහභාගී වීමට ඉඩ නොදී අමානුෂික ලෙස නවක වදය ක්‍රියාත්මක කර ඇති බවයි.
ආගමන විගමන නීති කඩා දැනට සිරගත කර සිටින කුමාර් ගුණරත්නම් නමැත්තා මෙහෙයවන පෙරටුගාමී පක්ෂය කොණ්ඩයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පවා පෙනී සිටින නමුත් රටේ අහිංසක සරසවි නවක සිසුන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිවාසිකම බල්ලාට දමා ඒ සිසු සිසුවියන්ට අමානුෂික ලෙස වද හිංසා දෙන තම අතකොළු සංවිධානය වන අන්තරයේ තක්කඩි ක්‍රියා සම්බන්ධයෙන් මුණිවත රකිති. කුමාර් ගුණරත්නම් නිදහස් කරන්නැයි බෑඟිරි ගහන සිවිල් සංවිධානයන්ද දිගින් දිගටම ඔහුගේ නායකත්වයෙන් කරගෙන යන මේ අමානුෂික ගෝත්‍රික ක්‍රියාව සම්බන්ධයෙන් මුඛ පූට්ටු කර ගෙන සිටිති. මේවා කෙතරම් ගෝත්‍රික දැයි කිවහොත් නවක සිසුවියන් පළමු වසර පුරා ඇඳිය යුත්තේ රැලි සාය සහිත චීත්ත ගවුම් ය. පැළැඳිය යුත්තේ රබර් සෙරෙප්පු පමණි. කොණ්ඩය තනි කරලට ගෙතිය යුතුය. වෙනත් විලාසිතාවක් කළ නොහැකිය. මෙම නීති කඩ කළහොත් අමානුෂික දඩුවම්ය. මේවා ලිංගික මනෝ විකාරයෙන් පෙළෙනා පෙරටුගාමී ගොබ්බයන්ගේ තීන්දු තීරණය.  
කැළණියේ පෙරටුගාමී වධකයන්ගේ මෙවන් ගෝත්‍රික ක්‍රියාවන්ට එරෙහිව අද හෝ පෙරට පැමිණි කැලණිය ආචාර්ය වරුන්ට රටේ යහපාලනප්‍රේමී පුරවැසියන්ගේ ගෞරවය හිමි විය යුතුය.  සහාය හිමි විය යුතුය. 

No comments:

Post a Comment