Monday, March 14, 2016

ආණ්ඩුවට ලයිට් දෙන්නවත් බෑ

ජනතාවට තිත්ත බෙහෙත් කවා මැතිඇමතිවරුන්ට පැණිරස කවන ආණ්ඩුවට පැය 24 පුරා ජනතාවට විදුලිය ලබාදීමට හෝ නොහැකි වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණ සඳහන් කරයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාත්මක වූ කාලයේදී හෝ මේ ආකාරයට විදුලිය විසන්ධි නොවූ බවත්, පාසල් නිලඇඳුම්, ගොවියාගේ පොහොර ලබාදීමට නොහැකි වූ ආණ්ඩුව මේ වනවිට ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් බවට පත්කර තිබෙන බවත් එම පක්ෂයේ නායක විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

මේ නිසා ඇදවැටෙමින් තිබෙන රට ආරක්ෂා කරගැනීම සඳහා රටට ආදරය කරන සියලුම ජනතාව මේ මස 17 වැනිදා කොළඹ හයිඩ් පිටියට කැඳවාගෙන එන බවද ඔහු පවසා සිටියේය.

අද (14දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.

No comments:

Post a Comment