Sunday, March 20, 2016

ලංකාව්දි අපි ඇන ගත්තා - චීනය

සංජය ලියනගේ
වසරකට ආසන්න කාලයක් නවතා දමා තිබූ කොළඹ වරාය නගරයේ (පෝර්ට් සිටි) ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කරන බවට රජය සහ චීන සමාගම නිවේදනය කළත් ශ‍්‍රී ලංකාව ආරම්භ කර ඇති සියලූ මහා පරිමාණ චීන ආයෝජන නැවත කැඳවන


හෝ එකී ආයෝජන දිගටම සිදුකරනවා ද යන්න යළි සමාලෝචනය කිරීමට සිදුව තිබෙන තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වේ. චීනය මේ තීරණයට පැමිණ ඇත්තේ පසුගිය වසර කිහිපය තුළ මෙරට ආරම්භ කරන ලද සියලූ මහා පරිමාණ ව්‍යාපෘති ආශ‍්‍රිත ආයෝජන අසාර්ථකය යන තක්සේරුව නිසාය. එසේම ආණ්ඩුව තුළත් පසුගිය සමයේ චීන ණය මත මෙරට ආරම්භ වූ මහා පරිමාණ ව්‍යාපෘති සම්බන්ධව අභ්‍යන්තර සාකච්ඡාවක් සිදු වෙමින් ඇති අතර වාර්තමානයේ උද්ගතව ඇති ණය පොලී ගෙවීමේ දුෂ්කරතාව මත තවදුරටත් එම ව්‍යාපෘති සිදුකරනවාද නැද්ද යන්න ගැන ඒ තුළ තීන්දුවක් ගැනීමට නියමිත බව ද වාර්තා වෙයි.

මෙරටට අදාළව පමණක් නොව මේ වන විට ලොව පුරා ඇති මහා පරිමාණ චීන ආයෝජන පිළිබඳ යළි සලකා බැලීමට චීනය තීන්දු කර ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කර ඇති අතර ඊට බලකෙරී තිබෙනුයේ එම ආයෝජන අවස්ථා ලොව පිළිගත් ආයෝජන ප‍්‍රමිති මත සිදු නොවීමය.

මේ බව තහවුරු කරමින් පසුගියදා ඇමෙරිකානු ව්‍යවසායක ආයතනය (American Enterprise Institute) සඳහන් කර තිබුණේ 2005 වසරේ සිට 2015 වසර දක්වා චීනය විසින් ලොව පුරා මහා පරිමාණ ව්‍යාපෘති 1750 කට ආසන්න ප‍්‍රමාණයක ආයෝජනය කර ඇති බවත් ඒ අතුරින් ව්‍යාපෘති 170කට ආසන්න ප‍්‍රමාණයක් ඉතා ගැටලූසහගත බවත්ය. මෙම ආයෝජනවලට අදාළව චීනය මේ වන විට ඇමෙරිකානු ඩොලර් ටි‍්‍රලියන 1.2 ක් පමණ ආයෝජනය කර ඇති අතර එහෙත් පරිසර තත්ත්ව වාර්තාවල සිට සමස්ත ආයෝජනයේ ප‍්‍රමාණය, ගනුදෙනු ලැයිස්තු, සේවක ප‍්‍රමාණ, මවු ආයෝජකයා ආදී වැදගත් කාරණා පිළිබඳ නිසි සඳහන් නොමැති බව ද වාර්තා වේ.

No comments:

Post a Comment