Wednesday, March 30, 2016

ඇමරිකානු යුද නැව රට ආක්‍රමණය කිරීමකැයි වහල්ලු කියද්දී න්‍යායාචාරියා යුද නැවේ..!

(ලංකා ඊ නිව්ස් -2016.මාර්.30, පෙ.ව‍.5.35) 

කොළඹ වරායට ඇමරිකානු යුද නැවක් පැමිණීම ඇමරිකාව ලංකාව ආක්‍රමණය කිරීමකැයි කියමින් මැදමූලන රාජපක්ෂලාගේ හොර පොල් නඩය පාර්ලිමේන්තුව වර්ජනය කිරීමකට යන බව දැන ගන්නට තිබේ.

රාජපක්ෂලාගේ වහලුන් එසේ හැසිරෙද්දී රාජපක්ෂලාගේ න්‍යායාචාර්ය වරයා වූ දයාන් ජයතිලක එකී යුද නැවේ පැවැති රාත්‍රී සාදයට සහභාගී වී සිටි අයුරු මෙහි ඇති සේයාරුවේ දැක්වේ. ශ්‍රී ලංකාවේ ඇමැරිකානු තානාපති අතුල කෙෂාප් වෙත ගැරඬියෙකු මෙන් ඇදී ගිය දයාන් ජයතිලක තමන් ආචාර්ය දයාන් ජයතිලක යැයි තමා විසින්ම හඳුන්වා දෙමින් කතා බහ කළ අතර සේයාරුවේ දැක්වෙන්නේ එහි අවස්ථාවකි.

තම න්‍යායාචාරියා යුද නැවේ සාද පවත්වද්දී හෙංචයියෝ යුද නැව රට ආක්‍රමණය කිරීමකැයි පැවසීම හතර මර විහිළුවකි. රාජපක්ෂලා බලයේ සිටියදී 2011 දී ද ඇමරිකානු යුද නැවක් ලංකාවේ කොළඹ වරායට පැමිණියේ ය. එවිට එය ඇමරිකාව ලංකාව ආක්‍රමණය කිරීමක් වූයේ නැත.

No comments:

Post a Comment