Monday, March 14, 2016

කොළොන්නාවේ කුණු විල්පත්තුවට !

From NETH FM
පරිසර සංවිධානවල විරෝධය නොතකා ජෛව විවිධත්ව වටිනාකමකින් යුත් විල්පත්තු ජාතික වනෝද්‍යාන දකුණු සීමාවට කො‍ළොන්නාවේ කුණුගොඩ මුදාහැරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තු ආරංච් මාර්ග සඳහන් කරනවා.

මහ නගර සංවර්ධන (මෙගා පොලිස්) වැඩපිළිවෙල යටතේ කොළොන්නාව කුණු කන්ද මෙලෙස විල්පත්තු දකුණූ සීමාවට මුදා හැරීමට යන බව එම ආරංච් මාර්ග වැඩිදුරටත් කියා සිටින්නේ.

ජෛව විවිධත්වයෙන් ඉහළ අගයක් ගන්නා මෙම කලාපයට කුණු මුදාහැරීමෙන් එහි කඩොලාන පද්ධතියට හා වනජීවීන්ට බලපෑම් සිදුවන බැවින් වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව පවා ඊට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති බවයි පැවසෙන්නේ.

මේ සියලු විරෝධතා නොතකා මෙලෙස කුණු මුදා හැරීමට සූධානම් වීම පිළිබඳව පරිසර සංවිධාන සහ ප්‍රදේශවාසීන්ද විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත්තේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මීට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම නිසා එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉන් ඉවත් කිරීමට යන බවට දෙපාර්තුව තුළ ආන්දෝලනයක් පවතින බවද පැවසෙනවා.

No comments:

Post a Comment