Friday, April 1, 2016

ග්‍රෑන්ඩ් මොනාර්ච් හෝටලයේදී ඩලස් ඉල්ලං කයි..!

(ලංකා ඊ නිව්ස් -2016.අප්‍රේල්.01, ප.ව‍.9.35) 

හොඳ නරක කුමක්දැයි හොඳින් දන්නා නමුත් නෛසර්ගික අවස්ථාවාදය නිසාම මැදමූලන පරාජිත හොරු වෙනුවෙන් දිවි පරදුවට තබා ක්‍රියා කරන ශ්‍රී ලංකා දේශපාලනයේ බක පණ්ඩිතයෙක් වන ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාර්ච් හෝටලයේදී ඉල්ලං කෑ පුවතක් ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරු වෙනුවෙන් හොරු හෙවත් වහලුන් හෙවත් හොර පොල් කල්ලිය ලෙස හඳුන්වන පාර්ලිමෙන්තු මන්ත්‍රී කණ්ඩායමට දේශපාලන පන්නරයක් ලබා දිය යුතු යැයි කියමින් ඩලස් අලහප්පෙරුම බක පණ්ඩිතයා විසින් තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාර්ච් හෝටලයේදී පසුගියදා සමුළුවක් සංවිධානය කරන ලදී.

ඩලස්ගේ ආරාධනාව අනුව අවාසනාවට එහි පැමිනියේ 15 ක් පමණ වහලුන් පිරිසක් වුවද දේශන පැවැත්වීම සඳහා ධම්ම දිසානායක සහ ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහත්වරුන් ඩලස්ගේ ආරාධනයෙන් පැමිණ සිටියහ.

කරුමයක මහත.., වත්මන් දේශපාලන තත්ත්වය ගැන කතා කිරීමට ආරාධන ලද ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගෙන් පිට වූයේ ඩලස්ට අවශ්‍ය දේශනය නොවේ. ඔහු මුල සිටම රාජපක්ෂලාගේ වනචර දශකයේ දී සිදුකරන ලද හොර මැර කම් සවිස්තරාත්මකව ගෙන හැර පාමින් රාජපක්ෂලා විනාශ කළේය.

කර කියා ගත දෙයක් නොවුණු ඩලස්ට දැමූ දහඩිය මකා දමන්නට ග්‍රෑන්ඩ් මොනාර්ච් හෝටලයේ වායු සමනය යන්ත්‍රවලට පවා හැකියාවක් නොතිබිණ. දේශනය අවසානයේදී එක් වහලෙක් ඩලස්ගේ කනට කොඳුරා ඇසුවේ ‘මදැයි ඉල්ලං කෑවා නේද?‘ යනුවෙනි.

ඩලස් එවැනිම ‘ඉල්ලං කෑමක්‘ මේ දිනවල ජිනීවාහිදී කන බව අප වෙත ආරංචි ලැබී ඇත. ඒ ගැන පසුව හෙලි කරන්නෙමු.

No comments:

Post a Comment