Monday, April 18, 2016

සුව කළ නොහැකි රෝගයෙන් පෙලෙන අයියයි නංගියි FB එකෙන් ඉල්ලූ තෑගි අරං අවුරුදු නෑගම් ආ ඇමති මාමා

පසුගිය සතිය පුරාවට සමාජ ජාල වෙබ් අඩවිවල වැඩි කතාබහකට අවධානයකට ලක්වු, උපතින්ම ජාන විකෘතියකට ලක්ව පීඩා විදින මහියංගනය, දෙහිගොල්ල, මීවාගල ගම්මානයේ දරුවන් දෙදෙනා හට උපකාර කිරිම සදහා විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පසුගිය 14දින දහවල් මීවාගල ගම්මානයට අවුරුදු නෑගම් පැමිණියා.


දරුවන් සදහා අලුත් අවුරුදු තෑගි බෝග, දුරකථන පහසුකම් නොතිබු ඔවුනට ජංගම දුරකථනයක්ද, සමාජ ජාල වෙබ් අඩවිය මගින් දරුවා විසින් ඉල්ලන ලද පාපැදියද, දරුවන් හට සෙල්ලම් බඩු අලුත් ඇදුම් පැළදුම් රැසක්ද ඒ ගමනේදි පරිත්‍යාග කරනු ලැබුවා.‍ දරුවන් වෙනුවෙන් අලුත් අවුරුද්දට අවශ්‍ය අඩුම කුඩුම මිළදී ගැනිම සදහා රුපියල් 25000ක මුදලක්ද දරුවන්ගේ මව වෙත අමාත්‍යවරයා විසින් පිරිනැමුවා.

පාසැල් නොයන දරුවන් දෙදෙනා සඳහා පරිගණක තාක්ෂණයෙන් දරුවන්හට ඉදිරියේදී අකුරු කරවීමේ හැකියාව ලබා දෙන බවත් අැමතිවරයා මෙහිදී පවසා තිබෙනවා. රෝගි දරුවන්ගේ නිවසෙහි ඉතිරි වැඩ නිම කිරිම සදහා රුපියල් 150,000ක් ලබාදීමට අමාත්‍යවරයා එහිදී පොරොන්දු වුණා. තවද කොළඹ ප්‍රදේශයේ වැදගත් ස්ථාන නැරඹීම සදහා දරුවන් දින 2ක සංචාරයක රැගෙන යෑමටද ඇමතිවරයා පොරොන්දු වී තිබෙනවා.

මෙම දරුවන් සදහා උදව් උපකාර කිරිම සදහා කැමති අයෙකු සිටී නම් ජාතික ඉතිරිකිරිමේ බැංකුව - මහියංගන ශාඛාවේ ඇති ගිණුම් අංකය 1-0041-01-8471-3 ගිණුමට පමණක් මුදල් තැම්පත් කළ හැක. ගිණුම් හිමි දරුවාගේ මව ඒ ජි බංඩාර මැණිකා වේ. වංචාකාරි පුද්ගලයන් සිටිම හේතුවෙන් එම ගිණුමට පමණක් මුල් බැර කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

No comments:

Post a Comment